තමන්ට අමාත්‍ය ධූර අත්හැරීම ගැටලුවක් නොවන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු පවසනවා.
කොළඹදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් දෙදෙනා මේ බව කියා සිටියා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ මොහොතේ සිට පූර්ණ කාලීනව කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නා.