නඩු විභාගය අවසන් වන තුරු තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අද කල් තැබුණා.
එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම සැප්තැම්බර් මස 4 වනදා සිදු කරන බවයි.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව තීන්දුව එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.