Monday, November 18, 2024

General line - 0115112241

ජපානයේ කනගාවා ප්‍රාන්තයට ප්‍රභල භූ කම්පනයක් 




ජපානයේ කනගාවා ප්‍රාන්තයට  රික්ටර් මාපක 5.3ක ප්‍රභල භූ කම්පනයක් ඇතිව තිබෙනවා

රාත්‍රී 7:57 ට පමණ මෙම  භූ කම්පනය ඇතිව තිබු අතර කනගාවා ප්‍රාන්තයේ කන්ටෝ ප්‍රදේශයේ මතුපිට සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන්  සුනාමි තර්ජනයක් නොමැති බවත් දේපල සහ ජිවිත හානි පිළබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි  විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඊයේ දිනයේද එම ප්‍රදේශය අශ්‍රිතව රික්ටර් පරිමාණයේ 7.1 ක භූමිකම්පාවක් ඇති වූ අතර  එම ප්‍රදේශයට තවත් කම්පන ඇති වූ බවත්  විශේෂඥයන් සඳහන් කරන්නේ භූ කම්පන ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් එරට කාලගුණ විද්‍යා ආයතනය භූමිකම්පා උපදේශන නිකුත් කර ඇති අතර තවත් ප්‍රභල භූමිකම්පා ඇතිවිය හැකි බැවින් ආරක්ෂාවසලසා ගන්නා ලෙස ජපාන බලධාරීන් රටේ ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ ජපානයේ නන්කායි අගල පිහිටි ප්‍රදේශයට ප්‍රභල භූමිකම්පාවක් සිදුවීමට සාපේක්ෂව ඉහළ සම්භාවිතාවක් පවතින බවත්. අනාගතයේ දී මහා පරිමාණ භූමිකම්පාවක් සිදු වුවහොත්, දැඩි කම්පන සහ විශාල සුනාමියක් අපේක්ෂා  කල හැකි බවයි