Monday, November 18, 2024

General line - 0115112241

ජපාන අගමැති කිෂිඩා ලෝකයෙන් ඉල්ලයි 




පරමාණු බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ අවසාන ස්ථානය බවට නාගසාකි පත් කරන ලෙස ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ නගරයේ පැවති අනුස්මරණ උත්සවයකදී ලෝකයෙන් ඉල්ලා තිබෙනවා.

හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් හෙළා දින තුනකට පසුව පරමාණු ප්‍රහාරයකින් නාගසාකි විනාශ වී අදට වසර 79ක් වෙනවා.

කිෂිඩා පැවසුවේ නගර දෙක අත්විඳින ලද ඛේදවාචකය කිසි විටෙකත් නැවත සිදු නොවිය යුතු බවයි.

යුධ සමයේ පරමාණු බෝම්බ හෙලීමට මුහුණ දුන් එකම ජාතිය ලෙස “න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක්” කරා වැඩ කිරීමට ජපානය කැපවෙන බව ඔහු එහිදී පවසා තිබෙනවා.

රුසියාවේ න්‍යෂ්ටික තර්ජන සහ ගෝලීය ප්‍රජාව තුළ ඇති බෙදීම් මධ්‍යයේ න්‍යෂ්ටික නිරායුධකරණය වඩාත් දරුණු වෙමින් පවතින බැවින් නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වන අවසාන ස්ථානය බවට පත් කරන ලෙස ඔහු කළ ඉල්ලීම අද වඩාත් වැදගත් බව කිෂිඩා පැවසුවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුමේ 2026 සමාලෝචන සම්මන්ත්‍රණයේදී අර්ථවත් ප්‍රතිඵල අත්කර ගැනීමට තම රට වෙහෙසෙන බවද ඔහු පැවසීය.