Monday, November 18, 2024

General line - 0115112241

නම්බුකාර විදිහට යන්න ලැබීම ගන සතුටු වෙන බව හරීන් ප්‍රනාන්දු කියයි.




මේ රටේ මිනිසුන්ට යමක් කරන්න හැකි වුණේ ලැබුණු මන්ත්‍රී ධුරයෙන් බවත්  අවුරුදු දෙකක් අමාත්‍යාංශය කරලා නම්බුකාර විදිහට යන්න ලැබීම ගන සතුටු වන බවත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ  පාර්ලිමේන්තුවේ සාමාජිකත්වයත් අහිමි වූ සිය අමාත්‍ය ධුරත් සමග ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පිණිස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් 

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසා සිටියේ මෙවැන්නක්.

"මම මන්ත්‍රී වුණේ සජබෙ ජාතික ලයිස්තුවෙන්. 

සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම ස්තුති වෙනවා. 

මේ රටේ මිනිසුන්ට යමක් කරන්න හැකි වුණේ එම මන්ත්‍රී ධුරයෙන්. 

අධිකරණයට අපි අපහාස, චෝදනා කරන්නේ නෑ. 

මේ රටේ නීතියක් තියෙනවා. 

රනිල් වික්‍රමසි මහත්තයාගේ වම්, දකුණු අත් ගලවනකොට ඔහු නිහඬයි. 

ඒ වගේ රටට කැමති අයට මේ වෙලාවේ සන්තෝස වෙන්න පුළුවන්. උසාවියට බලපෑම් කරනවා නම් ඔහු බලපෑම් කරන්න ඕනේ එතුමා වෙනුවෙන් ඉදිරිපත් වුණා මේ රටේ සාර්ථකම අමාත්‍යාංශ කරන දෙන්නෙක්ගේ අමාත්‍යාංශ ගැලවීමෙදි. 

මේ දේ මෙහෙම වෙද්දි මට දැනුණා. 

මට නැති වෙන්න දෙයක් නෑ. 

ගන්න ඕන අමාරුම වෙලාවෙදි මමයි මනූෂයි කතා වුණේ. 

මාස කීයක් කරයිද කියලා. දැන් අවුරුදු දෙක මේක කරලා නම්බුකාර විදිහට යන්න ලැබීම ගන සතුටුයි. 

සජබෙ අයට මේක ජයක් කියලා හිතලා හිතුවට අද ඉඳන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පැය 24ම වැඩ කරන්න නිදහස දීලා තියෙනවා. 

අපි ඒ වෙලාවේ තීන්දුව මුලින් ගෙනිච්චෙ පක්ෂේ නායකයට. 

එදා සජිත් බාරගත්තේ නැත්තේ අභියෝග බාර අරන් හදලා වෙනස් කරද්දි ඡන්දෙ එන නිසා. 

ඒ වෙලාවේ මිනිස්සු ගැන නෙමෙයි ඔහු හිතුවේ. 

ඒ නිසා මම නිහතමානීව ආඩම්බර වෙනවා මගේ 'මිශන්' එක ඉවර වෙයි. 

හැමෝම කිව්වේ සුයිසයිඩ් මිශන් එකකට කියලා. 

මම 'පට්ට' සතුටෙන් යන්නේ. සජිත් ජනාධිපති කරන්න තමයි අපි වැඩ කළේ. 

අපි එළියට බැහැලා යන්නේ වැඩ කරලා, වැඩ පෙන්නලා." 

උසාවියට ඇඟිලි ගැහුවා නම් ඕක පරක්කු නොකර ඉන්නවා. 

තීන්දුව ලැබුණම අපි එළියට බැස්සා. අපි සජිත් මහත්තයා නායකයා විදිහට දුන්න මන්ත්‍රීකම ගත්තා. 

ඒ නිසා වැඩ පෙන්නන්න අවස්තාව ලැබුණා.

ජනාධිපතිතුමා සතුටෙන් වගේ මේ ගැන. 

ඡන්දය නිසා එතුමට මාව හොයාගන්න බැරි වෙයි කියලා හිටියේ ඇමතිකම නිසා. 

කාට ඇමතිකම ගියත් ඒක හොයන්නෙ නෑ. ගෙදර යන්න හදලා දෙන පාරත් මට වාසියක් තියෙනවා. 

15 වැනිදයින් පස්සේ හොඳ හොඳ ඒවා බලාගන්න පුළුවන් වෙයි. 

ජනාධිපතිතුමා කලබල නෑ. දොස්තර කලබල නෑ, පිස්සො කලබල වුණාට.

සමහර පිස්සො ජනාධිපති ඇඳුම තමන්ට, නෝනට ගෙදර ඉන්න බලු පැටියට මස්සලා ඉන්න අය මැද රනිල් වික්‍රමසිංහ මහතා කලබල නෑ."