මේ පරපුරයි නීතියයි අතරරේ ලොකු ගැටුමක් තිබෙන බවත් මේ ඇත්තන් කැළෑවේ සම්ප්‍රධායානුකූලව ජිවත් වුවත් ඒ ජිවත් වෙන ක්‍රමය නීතියට විරුද්ද බවත් ඒ නිතියට විරුද්ධ වුනාම මේ පරපුරේ හැමෝටම හැමදාම දඩ කන්න උසාවි යන්න, කූඩුවේ ලගින්නත් සිද්ධ වන බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසනවා.
ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් මේ බව පවසා සිටියේ දඹාන කොටබකිණිය ගම්මානයේ සංවිධානය කර තිබූ ලෝක ආදිවාදී දින සැමරුමට එක්වෙමින්
ලෝක ආදිවාසී දින සැමරුමට සමගාමීව දඹාන, කොටබකිණිය ගම්මානයේදී ජාතික ආදිවාසී දින සැමරුම් උත්සවයක් අද “ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට ආදි වාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීම“ යන්න තේමාව කරගනිමින් සංවිධානය කර තිබුනා
ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් හා අනුග්‍රහයෙන් එය සංවිධානය කර තිබුණි.
මේ සඳහා බිබිල රතුගල , මහඔය පොල්ලේබැද්ද, දළුකාන , වාකරේ, ත්‍රිකුණාමලය සන්තෝෂ්පුරම් ආදී රට පුරා ආදිවාසී ගම්මානවල ආදිවාසී නායකයන් හා ආදිවාසී පවුල් වල සාමාජිකයන් එක්වී තිබෙනවා.
මූලික වශයෙන් ඊයේ රාත්‍රියේ රටපුරා ආදිවාසී ගම්මානවල නායකයන් හා ආදිවාසීන් එක්ව පැවැත්වූ වරිග සභාවේදී සාකච්ඡාවට බදුන් කල ආදිවාසී පරපුරේ ගැටළු පිළිබදව හා සභාවේ සාකච්ඡා සිදු කල එමගැටළු වලට විසදුම් ඉල්ලා සංදේශයක් සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අමත්‍යවරයා වෙත උත්සව සභාවේදී බාරදීම ආදිවාසී නායකතුමන් විසින් සිදු කෙරිණි.
ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් එම උත්සවයේදී පවසා සිටියේ මෙවැන්නක්.
“ මේ පරපුරයි නීතියයි අතරරේ ලොකු ගැටුමක් තියෙනවා. මේ ඇත්තන් කැළෑවේ සම්ප්‍රධායානුකූලව ජිවත් වෙනවා. ඒ ජිවත් වෙන ක්‍රමය නීතියට විරුද්දයි.
ඒ නිතියට විරුද්ධ වුනාම මේ පරපුරේ හැමෝටම හැමදාම දඩ කන්න උසාවි යන්න, කූඩුවේ ලගින්නත් සිද්ධවෙනවා. රැහේ උපනායකතුමන් එක්ක කතරගම පෙරහැරට සහබාගී විමට ගිය රැහේ 15කගේ විතර සංඛ්යාපක පිරිසක්
ඒ අයගේ එක්කෙනෙක් ගාව තිබිලා මුව අංවලින් හදපු සුර හා මුදු තිබිලා වනජිවි දෙපාර්ථමේන්තුවේ නිළධාරින් පැනලා අත් අඩංගුවට අරගෙන උසාවි දාලා ලක්ෂ 4ක දඩයක් ගැහුවා.
ලක්ෂ 04ක දඩයක් ගෙවනවා තියා ඒ අයගේ ගෙවල්වල වේල කන්න නෑ. ඉතින් මෙන්න මෙහෙම විශාල ගැටුම් තියෙනවා.
ඒ ගැටුම් නිසාම මේ පරපුර වෙනස් තැනකට පත් කරලා තියෙනවා. ඊයේ වරිග සභාවෙත් මෙන්න මේවගේ කරුණු ගැන තමයි කථා උනේ.
වසර ගණනාවක් තිස්සේ සෑම වසරකම ආදිවාසි දිනයේදී අපේ ගැටළු හා ඒවාට විසදුම් ඉල්ලා සංදේශයක් රජයවෙත බාරදුන් සංදේශවලින් සමහරක් ගැටළු වලට විසදුම් ලැබිලා තියෙනවා.
තවත් සමහරක් ගැටළුවලට මෙතෙක් විසදුම් ලැබී නෑ.“