Monday, November 18, 2024

General line - 0115112241

ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදයට දින නියම වෙයි




ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදයක් පැවැත්වීමට දින නියම වී තිබෙනවා.

ඒ අනුව එම විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අමෙරිකාවේ ජනාධිපතිවරණය නොවැම්බර් 05වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට නියමිතව සිටි ජනාධිපති ජෝ බයිඩ්න් වෙනුවට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය එරට උප ජනාධිපති කමලා හැරිස්ට හිමි වුණා.

ඒ අනුව ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදය සැප්තැම්බර් 10 වනදා  NBC රූපවාහිනි මධ්‍යස්ථානයේදී සිදු කරන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඇමෙරිකාවේ උප ජනාධිපති හැරිස් සහ හිටපු ජනාධිපති ට්‍රම්ප් විවාදයට සහභාගී වන බව මේ වන විට තහවුරු කර ඇති බවයි.

කෙසේවෙතත් විවාද තුනක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඔහුගේ ටුවිටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 4වන දින ෆොක්ස් නිවුස් රුපවාහිනි මධ්‍යස්ථානයේද, සැප්තැම්බර් 25වන දින එන් බී සී රූපවාහිනි මධ්‍යස්ථානයේද විවාදයන් පැවැත්වීමට නියමිතයි. 

එහෙත් කමලා හැරිස් අමතර විවාදයන් දෙක සඳහා සහභාගී වන බවට මෙතෙක් දැනුම් දී නැහැ. 

කෙසේවෙතත් ට්‍රම්ප් ප්‍රකාශ කළේ සැප්තැම්බර් 4වන දින විවාදයට කමලා හැරිස් එකඟ නොවන්නේ නම් තවදුරටත් ඇය සමඟ විවාද නොකරන බවයි.