ජනාධිපති අපේක්ෂකයින් ප්රවර්ධනය කිරීම සඳහා කටයුතු කරනු ලබන රජයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මෙරට පුරවැසියන්ට සාධාරණ මැතිවරණයක් ලබා දීමට රජයේ නිලධාරීන්ට වගකීමක් ඇති බවයි.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතිය තුළ සිය නිරීක්ෂණ කණ්ඩායම 200ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 27 දෙනෙකු වෙනුවෙන් ඊයේ දිනය වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.