Monday, November 18, 2024

General line - 0115112241

බ්‍රසීලයේදී ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයන් 62 ක් මරුට




පුද්ගලයින් 62 දෙනෙකු ගමන් කරමින් තිබූ ගුවන් යානයක් බ්‍රසීලයේ සාඕ පාවුලෝ ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා.

අනතුරෙන් එහි සිටි පුද්ගලයින් 62 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ ටී ආර් 72 - 500 නම් වූ එම ගුවන් යානය අනතුරට ලක් වන අවස්ථාවේ, මගීන් 58 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 04 දෙනෙකු එහි සිට තිබෙනවා.

මිය ගිය මගීන් අතර පුහුණු වෛද්‍යවරුන් දෙදෙනෙකුද සිටින බවයි එරට රෝහල් බලධාරීන් පවසන්නේ.

එම ගුවන් යානය පරානා ප්‍රාන්තයේ කැස්කාවෙල් නගරයේ සිට සාඕ පාවුලෝ, ගුවාරුල්නෝස් ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබියදී අනතුරට ලක්ව තිබෙනවා.

ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් සඳහා බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ශෝකය පළ කර තිබෙනවා.

එමෙන්ම සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.