ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් රණ්දෙණිය ප්රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
වැල්ලවාය දෙස සිට ඇල්ල ධාවනය වූ කැබ් රථයක් ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
එම අනතුරින් වාසනාවකට කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහන දෙකටම දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
රියදුරන්ගේ අපරෙක්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.