Monday, November 18, 2024

General line - 0115112241

විවාහ වයස් සීමාව වෙනස් කිරීමට පියවර 




ගැහැණු ළමයින් සඳහා නීත්‍යානුකූලව විවාහ වීමේ වයස අවුරුදු 9 දක්වා අඩු කිරීමට ඉරාක පාර්ලිමේන්තුව ඉදිරිපත් වී තිබෙනවා. 

ඉරාකයේ කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව අවුරුදු 9ක දක්වා අඩු කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් එරට අධිකරණ අමාත්‍යවරයා විසින් මෙලෙස ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

තවද පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමට ද අදාළ යෝජනාවට ඇතුලත්ව තිබෙනවා.

කෙසේවෙතත් යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේව්න විට පාර්ශව රැසක අප්‍රසාදය පළ වී තිබෙනවා.

හියුමන් රයිට්ස් වොච් (HRW) පර්යේෂක සාරා සන්බාර්  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ "මෙම නීතිය සම්මත කිරීමෙන් පෙන්නුම් කරන්නේ රටක් ඉදිරියට නොව පසුපසට ගමන් කරන බව"යි 

ආගමික නායකයින් විසින් පවත්වන බව  (HRW) පර්යේෂක සාරා සන්බාර්  මේ වසර මුලදී අනතුරු ඇඟවා තිබෙනවා..

යුනිසෙෆ් ආයතනයට අනුව,විදෙස් මාධ්‍යය පෙන්වා දෙන්නේ  වයස අවුරුදු 20 සිට 24 දක්වා වූ කාන්තාවන්ගෙන් සියයට 28ක් වයස අවුරුදු 18ට පෙර විවාහ වී ඇති අතර  මෙම කාන්තාවන්ගෙන් සියයට 7ක් වයස අවුරුදු 15ට පෙර විවාහ වී ඇති බවයි 

එම පනත සම්මත වුවහොත්, අවුරුදු 9 වැනි කුඩා ගැහැණු ළමයින්ට සහ අවුරුදු 15ක පිරිමි ළමයින්ට විවාහ වීමට ඉඩ සැලසෙන අතර ළමා විවාහ සහ සූරාකෑම වැඩි වන බවයි විවේචකයන් පවසන්නේ.  

මානව හිමිකම් සංවිධාන, කාන්තා කණ්ඩායම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම පනතට දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා.

කෙසේ වෙතත් යුනිසෙෆ් සංවිධානයට පෙන්වා දෙන්නේ ඉරාකයේ ගැහැනු ළමයින්ගෙන් සියයට 28 ක් වයස අවුරුදු 18ට පෙර විවාහ වී සිට්න බවයි

 

 

 

 

 

 

 

නීති සම්පාදකයින්ගේ දැඩි විරෝධයට මුහුණ දීමෙන් පසු ජූලි මස අගදී මෙම යෝජනාව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගත අතර  අගෝස්තු 4 වන දින, ෂියා කණ්ඩායම්වල සහාය ඇතිව නැවත හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.