ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට මහජන පක්ෂය තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න ඒ බව කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඉතිරිව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 30ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනේදීද අදහස් පළ වුණා.
මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එම වැඩසටහනට එක්වූ නීතිඥ මිලින්ද රාජපක්ෂ
සිය පක්ෂය තීන්දු තීරණ ගනු ලබන්නේ පාක්ෂිකයන්ගේ දේශපාලන දැක්ම පිළිබඳ අවධානය යොමු කරමින් බව ඔහු එහිදී කියා සිටියා.
ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ අකලංක උක්වත්තද එම වැඩසටහනට එක් වුණා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ අකලංක උක්වත්ත.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේද ඇතුළත්.