රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවානම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රටක් ලෙස ලැබු එම ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලුදෙනා එක්විය යුතු බවයි කොළඹ පැවති ජාතික ධීවර සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.