Monday, November 18, 2024

General line - 0115112241

බංග්ලාදේශ සිද්දිය ගැන ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වසෙඩ් ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්




බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා නැවත රටට පැමිණ අවාමි ලීගයට නායකත්වය දීම ගැන සලකා බලන බව අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වසෙඩ් පවසනවා.

විදෙස් මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ තම මව පිටුවහල්ව ජීවත් වීමට අකමැති බවත් නැවත බංග්ලාදේශයට යාමට කැමති බවයි.

බංග්ලාදේශයේ පවතින වාතාවරණය හේතුවෙන් ඇයට තවම සැලසුමක් නොමැති බැවින් ඉන්දියාවේ රැඳී සිටින බවත් එංගලන්තයේ සරණාගතභාවය සඳහා අයදුම් කරන බවට පැතිර යන සියලු කටකතා සත්‍ය නොවන බවයි.

තවද ඇය දේශපාලනය කළේ රට වෙනුවෙන් මිස බලයේ සිටීමට අවශ්‍ය නිසා නොවන බවත් සඳහන් කර සිටියා

ෂෙයික් හසීනා අගමැති ධුරයේ අවසන් වසර දෙකෙන් පසුව විශ්‍රාම ගෙන බංගලාදේශයේ  තුංගිපාරා හි පිහිටි  ඇගේ ගමේ නිවසට යාමට සිටිය බවද ඔහු සඳහන් කර තිබෙනවා. 

එසේම නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය ගැන සජීබ් වසෙඩ් පැවසුවේ එයට ජනවරමක් නොමැති බවත් දින 90 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් විධිවිධාන සලසා ඇති බවත්ය