බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ බලකිරීම මත බංග්ලාදේශ අගවිනිසුරු සහ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා.
අගවිනිසුරු ඔබයිදුල් හසන් නිල වශයෙන් ඉල්ලා අස් වූ බවයි බංග්ලාදේශ නීති අමාත්‍යාංශය පැවසුවේ.
බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා වන අබ්දුර් රූෆ් ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ උපදේශක සලේහුදීන් අහමඩ් ප්‍රකාශ කලේ ඔහුගේ තනතුරේ පවතින වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කල බවයි.
ඩකා විශ්වවිද්‍යාලයේ උපකුලපති ඒ.එස්.එම්. මක්සුඩ් කමල් ද ඉල්ලා අස්වී ඇති බවට එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කල බවයි වාර්තා වන්නේ.