Monday, November 18, 2024

General line - 0115112241

ගනේමුල්ල සංජිව වෙනත් සිරකුටියකට මාරු නොකළ ජේලර්වරයෙකුගේ වැඩ තහනම්

ලලිත් චාමින්ද




බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ඝනයේ අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජිව නැමැත්තා වෙනත් සිරකුටියකට මාරු නොකළ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් නියෝගය එම ජේලර්වරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස ඔහුගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

අදාළ නියෝගය නොපිළිපැදිම සම්බන්ධයෙන් විනය පරික්ෂණයකට යටත්ව එම නිලධාරියාගේ වැඩ තහනම් කිරිමට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් ගනේමුල්ල සංජීව වෙනත් සිර කුටියකට මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගනේමුල්ල සංජිව නැමැත්තාගේ සිර කුටිය තුල ජංගම දුරකථනයක් ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ වැටලීමකදී ගනේමුල්ල සංජීවගේ සිරකුටියේ තිබී අදාළ ජංගම දුරකථනය සොයාගෙන තිබෙනවා.

එම නිලධාරින් විසින් අදාළ ජංගම දුරකථනය බන්ධනාගාර නිලධාරින් වෙත ලබාදීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.