ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
සිංගප්පූරුවේ සිට පැමිණ ඇති ඔහු සිය ගමන්මලු තුළ සගවා එම මත්ස්‍යයින් සහ කැස්බෑවන් රැගෙනවිත් ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
සිය මිතුරෙකුට ලබාදීම සදහා මෙම මත්ස්‍යයින් සහ කැස්බෑවන් තොගය දිවයිනට රැගෙන ආ බව ඔහු රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.