බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය එරට රජයට අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බංග්ලාදේශයේ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය සාර්ථකව එරට රජය පෙරළා දැමීමත් සමග පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය සිටින තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකි බවට හැඟීමක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ
තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් ඉන් පකිස්තානයේ වත්මන් දේශපාලන තත්වය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය අනතුරු අඟවා තිබෙනවා.
මෙම මස අවසානය වන විට ඉස්ලාමාබාද්හි දැවැන්ත රැලියක් පවත්වන බවයි. ඛාන් සිරගත කර වසරක් සනිටුහන් කරමින් කයිබර් පක්තුන්ක්වා පළාතේ පැවති සැලකිය යුතු රැලියකින් පසුව මෙම නිවේදනය නිකුත් විය.
ඛාන් සිරගත කර වසරක් සනිටුහන් කරමින් කයිබර් පක්තුන්ක්වා පළාතේ පැවති රැලියකින් පසුව ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයද ඉම්රාන් ඛාන්ව නිදහස් නොකළහොත් දැවැන්ත විරෝධතාවක් මෙම මස අවසානයේදී ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර තිබෙනවා.
පසුගිය වසරේ අගෝස්තු 5 වන දින අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් , රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ රඳවාතිබෙන අතර ඔහු නඩු 200කට අධික ප්‍රමාණයකට මුහුණ දී ඉන් නඩු කිහිපයකින් වරදකරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ