ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වි සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනාධිපතිවරණය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන බවයි එම පක්ෂයේ විධායක අධ්යක්ෂ ප්‍රසන්න ශ්‍යමල් සෙනරත් පැවසුවේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා හදවත සලකුණෙන් තරග කිරීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.
එම සලකුණ මැතිවරණ සලකුණු අතර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවද මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කෙරුණා.
මැතිවරණ කොමිෂන් සභාව එම මැතිවරණ සලකුණු ප්‍රකාශ කරනු ලැබුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟිනුයි.
ඒ අනුව දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී ඇති සලකුණු සංඛ්‍යාව 84ක්.
එමෙන්ම දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී නොමැති සලකුණු 115ක් ද එම ගැසට් නිවේදනයේ ඇතුළත් කර තිබෙනවා.
කෙසෙවෙතත් ඒ අතර හදවත ලකුණ ඇතුළත්ව නැහැ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා පිළිබද ඇතැම් දේශපාලන පක්ෂ සමීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් විවිධ මත පළ කරනු ලබනවා.
ඒ සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂයේ විධායක අධ්යක්ෂ ප්‍රසන්න ශ්‍යමල් සෙනරත් අදහස් පළ කළා.