Monday, November 18, 2024

General line - 0115112241

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට දින නියම වෙයි




ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ මත පල වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොනරාග පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඉදිරියේ දී තමන්ගේ රජයක් යටතේ නව ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.


ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රකාශය එළඹෙන් 26 වන දින ජනතාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇඹිලිපිටියේ පැවති ජන රැලියක් අමතමින් සඳහන් කළේ.  


බදුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී ජනතාව බුද්දීමත්ව සිතා රටේ ආර්ථිකය ගොඩ නැංවිය හැකි ජනාධිපති අපේක්ෂකයෙකුට තමන්ගේ ඡන්දය ලබාදෙන ලෙසයි. 


පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට තවත් දේශපාලන අත්දැකීම් අවශ්‍ය බවයි ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.


දූෂිත කණ්ඩායම් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීම තුළින් කිසි දිනෙක රටේ ආර්ථිකය ගොඩගත නොහැකි බවයි මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.


නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේ රට ගැන සිතා තමන්ගේ ඡන්දය නිවැරදි ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිතා කරන ලෙසයි.