Monday, November 18, 2024

General line - 0115112241

මනූෂ වෙනුවට මැති සබයට යන බණ්ඩාරිගොඩගෙන් ඉල්ලීමක්




කෙටි කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉදිරියේදී හිමි වුව ද ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවය සිදුකරන බව බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

සමගි ජන බලවේගයේ සාමජිකත්වය අහිමි වූ මනූෂ නානායක්කාරගෙන් හිස් වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා තමන් තව සති දෙකක් තුළ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන බවයි ඔහු කියා සිටියේ.   


පක්ෂ මාරු කරන දේශපාලඥයින් කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සකස් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.


හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය දැක්වීමට එක්වීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය කටයුතු කළ ඊට එරෙහිව හිටපු අමාත්‍යවරුන් දෙදෙනා විසින් නීතිමය පියවර ගෙන තිබුනා.

කෙසේවෙතත් සමගි ජන බලවේගය ගත් එම පියවර නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළා.

ඒ අනුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුට අමාත්‍ය ධූර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරද අහිමි වුණා.

සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටියා.

හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට පිවිසියේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේයි.

හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත් කරන පුද්ගලයා මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

පක්ෂ තුළ ඒ සම්බන්ධයෙන් සාකච්චා කර පත්කර පුද්ගලයා පිළිබඳව තීරණය කරන බවයි සමගි ජන බලවේගය පැවසුවේ.