ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 296 ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ, ජූලි 31 වනදා සිට අගෝස්තු 09 වනදා දක්වා කාලය තුළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අනුව නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 266ක් ලැබී තිබෙනවා.
ඉන් පැමිණිලි 189ක්ම ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කලමණාකරණ මධ්‍යස්ථානය වෙතයි.
නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ සෙසු පැමිණිලි 77 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
මේ අතර ජූලි 31 වනදා සිට අගෝස්තු 09 වනදා දක්වා කාලය තුළ එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සහ වෙනත් සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.