Monday, November 18, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්. 




අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම සයිබර් ප්‍රහාරය ඉරානය විසින් සිදුකල බවයි ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රකාශකයන් චෝදනා කරන්නේ.

අමෙරිකාවේ ඡන්දදායකයින් ඉලක්ක කර ගනිමින් ව්‍යාජ ප්‍රවෘත්ති බෙදාහැරිමෙන් ජනාධිපතිවරණයට බලපෑම් කිරීමට හෝ අධීක්ෂණය කිරීමට ඉරානය එම පියවර ගෙන ඇති බවයි ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රකාශකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඩොනල් ට්‍රම්ප්ගේ ප්‍රචාරක මෙහෙයුම ඇතුළතින් ලිපි ලේඛන සහිත ගිණුමට නිර්නාමික ගිණුමකින් ඊමේල් පණිවුඩයක් ද ලැබී ඇති බවයි.

කෙසේවෙතත් එම සයිබර් ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.

මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවට ද ඉරානයට චෝදනා කර තිබුණු අතර ඉරාන රජය විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.