Monday, November 18, 2024

General line - 0115112241

බංග්ලාදේශ විරෝධතාකරුවන්ගෙන් හින්දු ජනතාවටත් බලපෑම් 




අගෝස්තු 5 දා ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් රජය බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශයේ හින්දු භක්තිකයන් සිය ගණනකගේ නිවාස සහ ව්‍යාපාරවලට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වී තිබෙනවා  

මෙම ප්‍රහාර හමුවේ  දහස් ගණනක් බංග්ලාදේශ හින්දු ජනතාව ඉන්දියාවට පලා යාමට උත්සාහ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඒ අනුව සුළු ජාතීන්ට එල්ල වෙමින් පවතින ප්‍රහාරවලට එරෙහිව ඊයේ  ලක්ෂ සංඛ්‍යාත හින්දු භක්තිකයෝ බංග්ලාදේශයේ අගනුවර වන ඩකා සහ රටේ දෙවන විශාලතම නගරය වන චිතගොංහි  වීදි බැස  විරෝධය  පල කර තිබෙනවා 

සුළු ජාතීන්ට හිංසා කරන්නන් පිළිබඳ නඩු විභාග කඩිනම් කරන ලෙසත්, සුළු ජාතීන්ට පාර්ලිමේන්තු ආසන සියයට 10ක් වෙන් කරන ලෙසත්, සුළු ජාතීන් ආරක්‍ෂා කිරීමේ නීතියක් පනවන ලෙසත් බල කරමින්, විරෝධය පළකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 
 .
මෙම විරෝධතාවයට සිසුන් ඇතුළු දහස් ගණන් මුස්ලිම් විරෝධතාකරුවන් ද එක්වී තිබෙන බවයි වාර්තා වෙන්නේ 

ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයින් දිස්ත්‍රික්ක 52 ක් පුරා ප්‍රහාර 205 කට වැඩි ගණනකට මුහුණ දී ඇති අතර හින්දු කෝවිල් කිහිපයක් ද විනාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් බංග්ලාදේශයේ අන්තර්වාර නායක මුහම්මද් යුනුස් ඊයේ  ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් ජාතියේ සුළුතර ප්‍රජාවන්ට එරෙහි ප්‍රහාර හෙළා දැක තිබෙන අතර විරෝධතාවල ඉදිරියෙන්ම සිටින සිසුන්ගෙන් ඉල්ලා සිටියේ සියලුම හින්දු, ක්‍රිස්තියානි සහ බෞද්ධ පවුල් හානියෙන් ආරක්ෂා කරන ලෙසයි.