නිෂ්පාදනය වැඩි වීමත් සමඟ සමස්තයක් ලෙස ආර්ථිකය දියුණු වෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ආර්ථික වර්ධනයත් සමඟ ඉදිරි කාලයේදී නැවත බදු සංශෝධනයක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දිස්ත්‍රික් වෙළඳ සංගම් නියෝජිතයින් අතර පැවති හමුවකදී සඳහන් කළේ.
ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ අයවැය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැනද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් පල කළා.