Monday, November 18, 2024

General line - 0115112241

මන්ත්‍රිණී සුදර්ශනී සජිත්ට සහය දුන් හේතුව




එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ සහයෝගය ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී ප්‍රකාශ කර තිබෙනවා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය පැවසුවේ රට ගොඩනැගිය හැකි කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග එක්ව සිටින බවයි.


මේ අතර මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් 90කට ආසන්න ප්‍රමාණයක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.