පවුල්වාදී පාලනය අවසන් කරමින් සියලුම ජනාතාවට සහන හිමිවන, සාධරණය ඉටු කරන රජයක් බිහි කිරීම තමන්ගේ අරමුණ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ සඳහා අවශ්‍ය වන වටපිටාව මේ වනවිටත් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින් තිබෙන බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇඹිලිපිටියේ පැවති ජන හමුවක් අමතමින් පැවසුවේ.
සියලුම ජාතින් එකතු කර ගනිමින් ජනාධිපතිවරණය ජය ගැනීමට හැකියාව පවතින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
සමගි ජන සන්ධානය සමඟ මේ වනවිත් සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක්වෙමින් සිටින බවයි පැවසුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි පවසමින් වෙනත් දේශපාලන පක්ෂ සමඟ එකතු වන මන්ත්‍රීවරුන් හෝ නියෝජිතයින් නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් නොවන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.
අමාත්‍යවරයා මාධ්‍ය වේදීන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී පැවසුවේ නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය තම පාර්ශවය සතු වන බවයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ විශාල කණ්ඩායමක් වර්තමාන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට මේ වනවිටත් එකඟ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.
ඔහු පැවසුවේ මේ වනවිටත් වෙනත් දේශපාලන පක්ෂවලට තිබෙන ජනතා කැමැත්ත අඩුවෙමින් තිබෙන බවයි.