Monday, November 18, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියෙන් පසු බටහරි අහසේ උල්කාපාත වර්ශාවක්

කොළඹ නිරොෂන්




මේ වසරේ දකින්න ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ශාවක් වන ෆර්සියස් උල්කාපාත වර්ශාවක් අද මධ්‍යම රාත්‍රියෙන් පසු බටහිර අහසේ දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාන සහ ඉංජිනේරු කතිකාචාර්‍ය ගිහාන් වීරසේකර පවසනවා.

ෆර්සියස් තාරුකා රටාව ආශ්‍රිතව දිස්වීම හේතුවෙන්  ෆර්සියස් උල්කාපාත වර්ශාව ලෙස හඳුන්වනු ලබන අතර පැයකට 100ක් පමණ දැකගත හැකි වෙනවා 

මෙහි  උච්චතම අවස්තාව පාන්දර 4.30  තැනිතලා බිමක උතුරු අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.

මෙම වර්ෂාව ජූලි මාසයේ මැද සිට අගෝස්තු  අග භාගය දක්වා පවතින අතර එහි  උච්චම අවස්තාව අද රාත්‍රියේ දැකගත හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාන සහ ඉංජිනේරු කතිකාචාර්‍ය ගිහාන් වීරසේකර පවසා සිටියේ