Monday, November 18, 2024

General line - 0115112241

ජනාධිපතිත් රට බාර ගන්න බයේ පැනලා ගියානම් අද කිසිකෙනක්ට දේශපාලනය කරන්න වෙන්නේ නැ - මන්ත්‍රී වජිර අබේවර්ධන




මීට අවුරුදු දෙකකට කලින් කිසි කෙනෙක්ට දේශපාලන රැස්වීම් පවත්වන්න පුලුවන් තත්ත්වයක් රට තුළ නොතිබූ බවත්  විපක්ෂනායකවරයා වගකීම් බාරගන්න බයේ රෝහල්ගතවී සිටිය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් එදා බයේ පැනලා ගියානම් අද කිසිකෙනක්ට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන්න රටක් ඉතිරි නොවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා 

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  මේ බව පවසා සිටියේ ඊයේ (10) පැවැති විශේෂ ඒකාබද්ධ කමිටු රැස්වීම් වලට සහභාගී වෙමින් 

එහිදී මාධ්‍යයට අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන 


" ලංකාවේ දේශපාලන පක්ෂ අසූ හයක් පමණ තියෙනවා. ඉන් 30 කට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 

මේ බොහෝමයක් ඉදිරි සතිය තුළ ජනාධිපතිතුමාට සහය දීම සඳහා සන්ධාන ගත වීමට නියමිතව තිබෙනවා. 

ඒ නිසා ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ දිහාවට හැරෙන සතියක් වේවී.

කොහොම වුණත් අපි අද දකිනවා අද රට තුළ ජනතාව ඡන්දය ගැන වැඩි කතා බහක් දක්වනවා. 

ජනතාව විතරක් නෙමෙයි, ජනාධිපතිවරණයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ පවා මේ වනවිට ජනතා රැස්වීම් තබමින් සිය දේශපලන කටයුතු ඉදිරියට ගෙනයමින් තිබෙනවා. ඇත්තටම අපි ඒ ගැන සතුටු වෙනවා.

මොකද මීට අවුරුදු දෙකකට කලින් කිසි කෙනෙක්ට දේශපාලන රැස්වීම් පවත්වන්න පුලුවන් තත්ත්වයක් රට තුළ තිබුණේ නැහැ. 

විපක්ෂනායකවරයා වගකීම් බාරගන්න බයේ රෝහල්ගත වෙලයි හිටියේ.

ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එදා බයේ පැනලා ගියානම් අද කිසිකෙනක්ට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන්න රටක් ඉතිරි වෙන එකක් නැහැ.


අද අපිට පේනවා බංගලාදේශයේ තත්ත්වය. එවැනිම තත්ත්වයක් අපේ රට තුළත් ඇති වෙමින් තිබුණා. 

කොහොම වුණත් ඔබේ වාසනාවට රටේ වාසනාවට එවැනි තත්ත්වයක් කළමණාකරනය කරන්න පුලුවන් නායකයෙන් අපේ රටේ හිටියා. 

ඔහු එදා ඇති වෙමින් තිබුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වය මනව කළමණාකරනය කළා.

ඒක මේ රටේ ජනතාව හොඳින් දන්නවා. මේ රටේ ජනතාවට නැවත කිසි දිනක එවැනි තත්ත්වයක් දකින්න වුවමනාවක් නැහැ. 

අපි අද ජනතාවත් එක්ක කතා කරනකොට ඒ බව හොඳට පේනවා. 

අනිත් එක අපේ මේ රැස්වීම්වලට එන්නේ එජාප පාක්ෂිකයින්වත්, පොහොට්ටු පාක්ෂිකයින්වත් නෙමෙයි. 

අපේ මේ රැස්වීම් සඳහා සියලු දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් පිරිස පැමිණෙනවා. ඒ සියලුදෙනාම පසුගිය අර්බුධකාරී තත්ත්වයෙදී තෙල් පෝලිම්වල හිටියා. ගෑස් පෝලිම්වල හිටියා. කිරි පිටි පෝලිම්වල හිටියා.

ඉතින් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. ඔවුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තූති කරනවා. පෝලිම් යුගයෙන් මේ රට ගලවා දුන්නට. ඔවුන් අද සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගමන් මග අනුමත කරලා ඉවරයි.

 ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ඉදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්නයි.

ඔවුන් දැන් පිලිගෙන තිබෙනවා මේ රට අර්බුධයෙන් ගොඩගෙන ඉදිරියට ගෙන යා හැක්කේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි කියලා. 

මම නම් කියන්නේ අද ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින් බලන්න ඕන තමන්ට පුලුවන්ද රටක් පාලනය කරන්න කියලා. නැවත වරක් රට නරක තැනකට ගමන් කළොත් අපි ඉන් ගැලවෙන්නේ කොහොමද? ඒ නිසා ජනතාව කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ තියෙන තත්ත්වයට රට ගේන්න ගොඩක් කැපවීම් කළා. ජාත්‍යන්තරය සමඟ හරි විදිහට සාකච්ඡා කළා. 

ලංකාව අර්බුධයෙන් ගොඩගෙන රටේ ජනතාව ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ අණපනත් ගණනාවක්ම සම්මත කළා. ඒවාටත් විපක්ෂය විවිධ විවේචන කළා. නමුත් ඒ දේවල් නිසා තමයි අද රට මේ තිබෙන තත්ත්වයට ගෙන එන්න පුලුවන් වුණේ.
දැන් සමහර අය කියනවා 

ඒ අය ආවාම IMF යෝජනා සංශෝධනය කරනවලු. තවදුරටත් ජනතාව රවට්ටන්න එපා. 

එහෙම කතා නැවත පටන් ගන්නත් විශාල කාලයක් යනවා. ඒ කාලයේදී ඔබ ආයෙමත් පෝලිම්වලට යනවද? නැතිනම් මේ වැඩපිළිවෙල හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ඉදිරියට යනවද කියලා ඔබ කල්පනා කරලා බැලිය යුතුයි.

 ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දිය යුතුව තිබෙනවා. 

මේ නිසා තමයි අද ලංකාවේ තිබෙන බොහෝමයක් දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකට එකතු වෙලා මේ ගමන යන්න සිය කැමැත්ත පළ කරලා තිබෙන්නේ. 

ඇත්ටම මෙය රට ගැන සිතා බලා තීන්දුවක් ගත යුතු කාරණයක්. තමන්ගේ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් නැවත තීරණ ගන්න ගියොත් මේ රට නැවත වතාවක් විනාශ වේවී. ඒ නිසා තමන්ගේ පුද්ගලින අභිමතාර්ථ වෙනුවෙන් මේ රට අමාරුවේ දාන්න එපා. 

ජනතාව මේ වනවිට තීරණය කරලා ඉවරයි තමන් කාටද ඡන්දය භාවිතා කරන්නේ කියලා. බොහෝ දෙනෙක් දේශපාලන පක්ෂවලට ඡන්දය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරලයයි තියෙන්නේ. ජනතාව ඉන්නේ වෙන තීන්දුවක. 

ඒ අයට ඡන්ද පොළට ගියාම දන්නවා රටේ ආරක්ෂාවටත්, අනාගත දියුණුව සඳහාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය භාවිතා කළ යුතුයි කියලා. "