Monday, November 18, 2024

General line - 0115112241

ගොඨාභය ගියේ ඉන්දියාවේ යාචකයන්ගෙන් යැපෙන තැනට පත්කරලා - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක 

කොළඹ නිරෝෂන් 




එක්සත් ජනරජ පෙරමුණු පිළියන්දල ජනහමුවේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක 

ගොඨාභය රාජපක්ෂ පලා ගියේ ඉන්දියාවේ යාචකයන්ගෙන් අපි යැපෙන තැනට පත්කරමින් බව එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණු පිළියන්දල ජනහමුවේදී 

එහිදී පවසා සිටියේ මෙවන්නක්

" ගොඨාභය රාජපක්ෂ යනකොට ගියේ ඉන්දියාවේ යාචකයන්ගෙන් අපි යැපෙන තැනට පත්කරලා..

රාජපක්ෂ පස්සෙන් ගියපු ධම්මික පෙරේරාට වුණෙත් පොල්කුඩු ගානට වැටිලා අයින් වෙන්න..

රජපක්ෂ ප්‍රමුඛ වසල ජාතිකවාදී රැලට සැප්තැම්බර් මාසේ පාඩමක් උගන්නමු.

රටේ සෑම පුද්ගලයෙකුගෙන්ම රු.15,000ක් විදුලිබල මණ්ඩලය අයතා ලෙස වැඩිපුර අරන්..

පොලිස් ඇමති ඉන්දියාවේ පෙට්ටි කඩේකට ජාතික අරක්ෂාව විකුණලා..

ෆයිල් අරන් හැමතැනම යන මාලිමාවට අභියෝග කරනවා, පුලුවන්නම් ටිරාන් අලස්ට හොරා කියලා පෙන්නන්න.

ටිරාන් අලස්ට දඬුවම් දෙනකම්ම අපි මේ සටන ගෙනියනවා.

තරුණ සම්මේලන පවත්තලා, පිටරට ගිහින් තරුණයන් රවට්ටන මාලිමාව පොලිස් ඇමතිගෙ නම කියන්න බයයි..

මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගී වාහන දේපල දෙන්ඩ ඕන නෑ..ඇමතිලාගෙ කාර්යය සාධනය මැනලා ඒවා ජනතාව අතට පත්කරලා ඊට අදාලව ඔවුන්ගෙ වැටුප හා පහසුකම් සැපයිමේ ක්‍රමයක් ඇතිකල යුතුයි.

සියලු ගනුදෙනු ඩිජිටල්කරණය කළ යුතුයි. එමගින් විධිමත් බදු ක්‍රමයක් ඇතිකල හැකි.

පාර්ලිමේන්තු වටලන්ඩ ගිය විප්ලවවාදීන් අත්අඩංගුවට ගත්තෙ නෑ..ඔවුන් නීතියට අභියෝගත් කරනවා පුලුවන්නන් අත්අඩංගුවට ගන්න කියලා.

අත්හදා බැලිම් නොකර වැඩ කරලා පෙන්නපු අයත් එක්ක ජනාධිපතිවරණයට එනවා.

තනි පක්ශ ක්‍රමයක් යටතෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්ඩ ඉඩ දෙන්නෙ නෑ.

අපි ඉදිරිපත් කරපු දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවලට අනුව ජනතාව නගාසිටුවන කෙනෙකු රටේ නායකයා කරන්ඩ අපි සහයෝගය දෙනවා."