එංගලන්තයට එරෙහිව මුහුණ දෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් සිය උපරිම දක්ෂතා දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනත් ජයසූරිය මේ බව ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනය තුළ පැවති ආගමික වතාවන් සිදු කිරීමෙන් අනතුරුව අද දහවල් කටුනායක ගුවන් තොටුපොළින් එංගලන්තය බලා පිටත්ව ගිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ලබන 21 වනදා මැන්චෙස්ටර්හීදී ආරම්භ වනවා.
දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අගොස්තු මස 29 වන දින ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 06වන දින ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.