එළඹෙන ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නීරීක්ෂකයන්ට අවසර ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැම්පත් කළ ජනාධිපති අපේක්ෂකයින් සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 320ක් පමණ මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එම පැමිණිලි අතරින් ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බනධයෙන් පැමිණිලි 317ක් ලැබී තිබෙනවා.
තවත් පැමිණිලි 02ක් වෙනත් පැමිණිලි ලෙස ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.