අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් තමන්ගේ මැදිහත් විමෙන් මෙරටට ලැබී ඇති බවයි.
ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට සමගාමී ව 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන අතර මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමගින් අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා පවසා සිටියා
ඊට අමතර ව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූල ව සකස් කෙරෙමින් පවතින බවත් විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමි වන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩ ව ඉදිරියට යා යුතු ව ඇති බවත් සඳහන් කර සිටියා.
චීනය වැනි අධික ජනගහනයක් සිටින රටක් පවා අධ්‍යාපන ක්ෂේත්‍රය 95%ක් මේ වන විට ඩිජිටල්කරණය කර අවසන් කර ඇති බවත් අනෙකුත් දියුණු රටවල පවතින ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන තත්වය කර ළඟා වීම සඳහා අප මෙම කාර්ය වඩාත් කඩිනමින් කළ යුතු ව ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියා.
ඒ අනුව 2022 වර්ෂයේ සිට පැවති ආර්ථික දුෂ්කරතා ජයගනිමින් අභියෝග මැද මෙම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලි ද අතනොහැර ඉදිරියට රැගෙන ආ බව කී අමාත්‍යවරයා මානව සම්පත් සංවර්ධනය කරමින් ගුරු පුහුණු කිරීම් ද සිදු කෙරෙමින් පවතින බවත් එහි අරමුණ, අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනය බවත් පවසා සිටියා.
පාසලේ පළමු ශ්‍රේණියේ සිට තොරතුරු තාක්ෂණය සමග ම කෘත්‍රීම බුද්ධි විෂය ද උගන්වන ලෙස පාර්ලිමේන්තුවේ දී ඉල්ලීම් ඉදිරිපත් වුව ද එහි දී ප්‍රාථමික අධ්‍යාපනයට අදාළ ව යුනෙස්කෝ සංවිධානයේ මූලික අධ්‍යාපන නිර්ණායක හා නිර්දේශ කෙරෙහි අවධානය යොමු කළ යුතු ව ඇති බවත් පළමුවෙන් ම මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.