රුපියල් මිලියන 45ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්රෑම් 160ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරකට අනුව යාපනය, අරියාලේ ප්රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එම කේරළ ගංජා තොගය නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් යාපනය, අරියාලේ ප්රදේශයේ ස්ථානයක සගවා තබා ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිළිනොච්චි ප්රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණවී තිබෙනවා.