බුත්තල ප්රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල නගරය සහ නගරය අසල මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.
බුත්තල බඩල්කුඹුර මාර්ගය,බුත්තල මොණරාගල මාර්ගය සහ වැල්ලවාය බුත්තල මාර්ගය බුත්තල නගරයෙන් මෙලෙස ජලයෙන් යට වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් බුත්තල නගරයේ රථ වාහන ධාවනයටද බධා එල්ලවී තිබෙනවා