පසුගිය අගෝස්තු මස 06 වනදා එරාවුර්, මිච්චිනගර් ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ 52 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සැකකරු ATM කාඩ් පතක් සොරකම් කර මුදල් ලබා ගැනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි අයෙකු බවද පොලිසිය පැවසුවා.