වයස අවුරුදු 12 ක පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් කොන්දොස්තර වරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ රෙමුණ ප්රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තර වරයෙකු කළුතර, දියගම ප්රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රදවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බවයි පොලිසිය පවසා සිටියේ.
අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ කෙනෙකු බවද පොලිසිය සදහන් කරයි.
දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර , නිවසේ අගහිගකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබදෙමින් ප්රියමනාප දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බව සිදු කල පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.
මෙම දියණිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසියට ලද තොරතුරක් මත උතුර පොලිසියේ කාන්ත හා ළමා කාර්ය අංශයේ පොලිසි නිලධාරිනියන් සිදුකළ විමර්ශනයකදී බලෙන් රවටා ගෙන ගොස් රඳවා තබා ගත් යැයි සැක කෙරෙන කොන්දොස්තර වරයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා
පසුව හොරණ රෙමුණ ප්රදේශයේ එම කොන්දොස්තරවරයාගේ නිවස පරික්ෂ කිරීමේදී මෙම දැරිය සොයා ගත් බව කළුතර උතුර පොලිසිය පවසා සිටියේ.
අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තර වරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්රදේශයේ නිවසට කැටුව ගොස් රදවා තබාගෙන අතවර කර ඇති බවයි වැඩිදුර සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ
ඉන් පසුව දැරියකින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මෙම කොන්දොස්තරවරයා මෙම දැරිය පැහැරගෙන යාමට පෙර වසර තුනක කාලය තුළ මෙම දැරිය විවිධ පුද්ගලයින් විසින් බරපතල ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි
එහිදී එම දැරිය ප්රදේශයේ ලැගුම්හල්වලට සහ එම නිවසේ ආසන්න ප්රදේශවලදී මෙම දූෂණයට ලක්ව ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි කළුතර උතුර පොලිසිය පවසා සිටියේ.
දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුලත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.