2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 29ක් ලැබී ඇති බවයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 26ක් සහ වෙනත් පැමිණිලි 03ක් එලෙස ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.
ඒ අනුව මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 366ක් සක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පැමිණිලි 355ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළ ඒවායි.
මේ දක්වා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණයි.
මේ දක්වා ලැබී ඇති වෙනත් පැමිණිලි ගණන 10ක්.
මෙම සියලු පැමිණීලි අතරින් 235ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා.
දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 131ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව හෙට මධ්‍යහන 12න් අවසන් වනවා.
නාම යෝජනා භාර ගැනීම ලබන 15 වනදා පෙරවරු 09 සිට 11 දක්වා කාල සීමාව තුළ සිදුකරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ.