වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීම තළින් ඵලදායිතාවයද ඉහළ දැමීමට වතු සමාගම් අපෙක්ෂා කරන බව වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරේ පවසනවා.
පඩි පාලක සභාව, වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තිය සමිති ඊයේ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතාවය මත වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1,350 දක්වා වැඩි කිරිමට එකඟ වූ බවයි වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එම වැටුපට ඊ.පි.එෆ් සහ ඊ.ටි.එෆ් ගෙවන බවත්, ඊට අමතරව දිනක වැටුපට නෙලිය යුතු අමු තේ දළු කිලෝ 18-20 අතර ප්‍රමාණයට අමතරව නෙලන සෑම තේ දළු කිලෝවකටම රුපියල් 50ක මුදලක් ගෙවීමට එකඟ වූ බවද ඔහු කියා සිටියා.
වතු සමාගම් පාඩු ලබන තත්ත්වයේ තිබියදි වතු කම්කරුවන්ගේ වැටුප සියයට 25කින් වැඩි කිරිමට එකඟවූයේ මෙරට තේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් බවද වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
වතු කම්කරුවන් කාර්යක්ෂමව වැඩ කරන්නේ නම් අමතර තේ දළු නෙලීිමෙන් විශාල මුදලක් දිනකට උපයාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නා.
වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනට පවතින නඩුවට, නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය ඇති කරගත් එකගතාවය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව වතු කම්කරුවන්ගේ වැටුප ගෙවිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.