Monday, November 18, 2024

General line - 0115112241

අගෝස්තු 15 රාජගිරියේ විශේෂ රථවාහන සැලැස්මක් 

කොළඹ නිරෝෂන්




2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බැවින් විශේෂ ආරක්ෂාවක් යොදවන බව නියොජය පොලිස්පති නිති දිසාව වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුනසේකර පවසනවා 

එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා මෙම  විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර ඊට පොලිස් නිලදාරින් 1000ට අදික ප්‍රමානයක් සහ  රථවාහන හැසිරවීම සඳහා  නිලදාරින් 300ට ප්‍රමානයක් යොදවන බවයි රුවන් ගුනසේකර  පවසා සිටියේ 

පොලිස්පති නිති දිසාව වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුනසේකර පවසා සිටියේ මෙව්න්නක් 

" ආධාරකරුවන් සැලකිය යුතු ප්‍රමාණයකුත් මේ සඳහා මෙම අවස්ථාවට එනු ඇතැයි අපේක්ෂා කරනවා. 

ඒ නිසා මෙවර විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත් පොලිසිය බලාපොරොත්තු වෙනවා.

පොලිස් නිලාදාරින් 1000ට ආසන්න ප්‍රමානයක් යොදවලා තියෙනවා.

පාක්ෂිකයන්ට ආධාරකරුවන්ට වෙන් කරලා තියෙන කලාප මොනවාද කියලා දැනටමත් ඔවුන්ගේ නියෝජිතයන්ව දැනුවත් කරලයි තියෙන්නේ.

ඒ සම්පූර්ණ ප්‍රදේශයම ආවරණය වන විදිහට මාර්ග බාධක රාජකාරි වගේම පොලිස් ජංගම සංචාර ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මහජනතාවට විශේෂයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි එදිනට ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම කුමක්ද කියන කාරණය.

රතවාහන සදහා.. නිලදාරින් 300ට ප්‍රමානයක් යොදවනවා.

ආයුර්වේද හන්දියේ ඉඳලා රාජගිරිය හන්දිය දක්වා ආයුර්වේද හන්දියේ සිට රාජගිරිය හන්දිය දක්වා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹින් පිටවන මන්තීරුවේ සම්පූර්ණයෙන්ම වගේ සීමා කිරීමට නියමිතව තිබෙනවා.

රාජගිරිය හන්දියේ ඉඳලා ආයුර්වේද හන්දිය දක්වා පරණ පාරේ. කොළඹට ඇතුල්වන මන්තීරුවක්. කොළඹට ඇතුල් ඇතුල්වත් සම්පූර්ණයෙන්ම වගේ වාහන ගමනාගමනය සීමා කිරීම් කරලා තියෙන්නේ.

විකල්ප මාර්ගයක් ලබා දෙනවා නම් තලවතුගොඩ හංදියෙක් දෙස සිට කොළඹ දෙසට එන වාහන තලවතුගොඩ හන්දියෙන් කොළඹ දෙසට එන වාහන වලට භාවිතා කිරීමට විකල්ප මාර්ගයක් ලබා දෙන්න පුළුවන්, 

ඒ අනුව ඒ වාහන  හන්දියට ගමන් කරලා හන්දියෙන් පිටකොට්ටේ ගමන් කරලා නුගේගොඩ හෝ නාවල හන්දියෙන් නාරාහෙන් පිට හෝ කිරුළ හන්දිය ඔස්සේ කොළඹ දෙසට ඇතුල්වෙන්න පුලුවන්.

ආරක්ශක රාජකාරි සදහා එක් එක් කාලප වලට ආදල නියොජිතයන් සදහා දැනුවත් කරලා තියෙන්නෙ.

අපි ඉල්ලා සිටිනව... අත් අඩංගුවට ගන්න කලින් අපි දැනුවත් කරලා තියෙනවා රතින්‍ය පත්තු කරන්න බැ "