ජනතාව රැල්ලට අහුවෙලා පිට පාරක යන්න හදන බවත් මේක තීරණාත්මක ජන්දයක් වන බැවින් .ජනතාව මේ වතාවෙවත් මොලේ කල්පනා කර තීරණයක් ගතයුතු බවත් අත්හදා බැලීම් කරන්න කාලයක් ද නොමැති බව අකිල විරාජ් කාරියවසම් පවසනවා
ඔහු මේ බව පවසා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්
එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්
" ජනතාව රැල්ලට අහුවෙලා පිට පාරක යන්න හදනවා..
මේක තීරණාත්මක ජන්දයක්.ජනතාව මේ වතාවෙවත් මොලේ කල්පනා කරන්න ඕනේ.අත්හදා බැලීම් කරන්න කාලයක් නෑ..
වැරදි තීරණයක් ගත්තොත් ජනතාව තමයි අමාරුවේ වැටෙන්නේ.
අවාසියක් වෙනවා කියලා දැනෙනකොට එහෙට මෙහෙට පනිනවා.
අපි එහෙම නෑ. අපි ඉන්නේ ප්‍රතිපත්තියක් එක්ක.
මේ වෙනකොට බංගලාදේශයටත් රනිල් වගේ නායකයෙක් ඕනේ.
රැලි වලට අහුවෙන්න එපා. ගෝල්ෆේස් පිරෙව්වා කියලා මිනිස්සු ජන්දේ දෙන්නේ නෑ.
රනිල් වගේ කෙනෙක් ආපහු හදාගන්න බෑ.
රනිල් මේක ප්‍රගුණ කරලා ලබාගත්ත දෙයක්.
දැන් මේ රට ඉන්නේ හොඳම අවස්ථාවක්. මේක ආපස්සට හරවන්න එපා.
ජනතාව ඔහුට සහයෝගයක් දෙන්න ඕනේ..
අපි සැබෑවට මුහුණ දෙන්න ඕනේ."