Monday, November 18, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපති අපේක්ෂකයන්ට යෝජනා මාලාවක් 

කොළඹ නිරෝෂන්




නිදහස් අධ්‍යාපනය සහා නිදහස් සෞඛ්‍ය සේවාව කියන්නෙ රටේ කුලුනු දෙකක්  බවත් වෛද්‍ය වරයෙක් වෙනුවට තවත් වෛද්‍ය වරයෙක් ආදේශ කිරීමට හැකි නමුත් මහාචාර්ය වරයෙක්ව එසේ කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේඛම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිරි පවසනවා 

ඔහු මේ බව පවසා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් 

.මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ  වෛද්‍ය චමිල් විජේසිරි පවසා සිටියේ මෙවැන්නක් 

" නිදහස් අධ්‍යාපනය සහා නිදහස් සෞඛ්‍ය සේවාව කියන්නෙ රටේ කුලුනු දෙකක් 

රට තුල තියන අර්බුදයත් එක්ක රටේ සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනය  වෙනත්ම මානයකට අරගෙන් යන තත්වයක් තියෙන්නෙ 
කිසිම හැදැරිමක් අධ්‍යනයකින් තොරවයි 

මේ අක්‍රමවත් වෛද්‍ය අධ්‍යාපනයේ වෙනස් කම් සිදු කරන්නෙ වෛද්‍ය වරයෙක් වෙනුවට තවත් වෛද්‍ය වරයෙක් ආදේශ කරන්න පුලුවන් නමුත් මහාචාර්ය වරයෙක්ව එහෙම් කරන්න බෑ 

මේ රටේ වෛද්‍යවරුන්  අඩු වීම ඉතාමත් සිග්‍රයෙන් වැඩිවෙලා තියනවා 

වෛද්‍යවරුන්ට  සිමා වසික පුහුනුව සදහා ගැටලු මතුවෙමින් තිබෙනවා

මේ කාරනා සම්බන්දව අවධානය යොමු නොකර තින්දු තිරන ගන්නවනම් ප්‍රශ්නයක්  

වෛද්‍යවරුන් re du  කරන්න un do කරන්න බෑ 

එක එක වෙලාවට ආණ්ඩුව එක එක කතා කියනවා 

මහජන බදු මුදලින් නඩත්තුවෙන සෞඛ්‍ය පද්දතිය පුද්ගලික ව්‍යාපාරිකයන් අතට පත්කරන්න තියන අයිතිය කුමක්ද 
  
ජනාධිපති වරනය ඉදිරියට එනවා ඔහුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෛද්‍ය අධ්‍යාපනය සදහා ඔහුන්ගේ මතය කුමක්ද කියන එක  කිව යුතුයි. "


මෙම  මාධ්‍ය හමුවට සහභාගී වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසා සිටියේ මෙවැන්නක් 


" අස්තාවර රටක් ඇතුලේ සෞඛ්‍ය  සේවාව බිදවට්ටන්නෙ නැතුව ඒ දර්ශක අදටත් පවත්වා ගන්න පුලුවන් උනේ සෞඛ්‍ය තුල තිබුන ගුනාත්මක බාවය නිසයි. 
 
වෙනත් රටවලින් අපේ විශේෂඥ වෛද්‍යවරු ඉහල වැටුපකට ගන්න සුදානම් වෙලා ඉන්නවා 

වෛද්‍යවරුන්ට මේ විදිහට ඉල්ලුමක් තියෙන්නෙ ඔහුන්ගේ ගුනාත්මක බාවය නිසයි 

මේ අය  හිතනවනම් මේක බිස්නස් එකක් වෛද්‍යවරයා කියන්නෙ සෙල්ලම් බාන්ඩයක් කියලා  ඔහුන් උත්සහා කරන්නෙ වසරකට 500 .1000ක් බිහිකරන්න නම්  එතන ගුනාත්මක බාවය නෑ  

කැබිනට් එකේ අනුමැතිය අරන් ශික්ෂණ රොහල් බිහිකරන්න බෑ ඒකට නිර්නායක තියෙන්න ඔනා ඒ අවශ්‍යතා සපුරන්න ඔනා 

රාජ්‍ය හෝ පුද්ගලික වෛද්‍ය පීඨ ආරම්බ කරන්න මහාචාර්‍ය වරු අවශ්‍යයි  නමුත් මහාචායරවරු අඩුනම් මේ කට්ටියම තමයි දෙකට බෙදන්න වෙන්නෙ

අපි දැඩි අධ්‍යනයක ඉන්නවා මේ වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරිම සම්බන්දයෙන් ජනාධිපති අපේක්ශකයන්ගේ අදහස සම්බන්දව. "