සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
අද පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලක පරිශ්‍රයේදී ඊට අදාළ ගිවිසුමකට අත්සන් තැබුණා.
එම අවස්ථාවට මහා සංඝරත්නය, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර අද ජනාධිපතිවරයා හමුවී සිය තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බවයි.