කළුතර මාතෘ සහ ළමා රෝහලේ ගිනි ආරක්ෂක සංඥා පද්ධතිය අද රාත්රි ස්වයංක්රීයව ක්රියාත්මක වීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගිනි බියකින් කලබලයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ගිනි ආරක්ෂක සංඥා නාදවීමත් සමගින් කළුතර මහ නගර සභාවේ ගිනි නිවේ මේ ඒකකය දැනුවත් කර, ආරක්ෂක අංශ සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව නේවාසික රෝගීන් රෝහලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනා
ගිනි නිවන භඨයින් ක්ෂණිකව ළඟාවී පැයකට ආසන්න කාලයක් රෝහලේ විදුලි පද්ධතිය සහ රෝහල නිරීක්ෂණය කර , ආරක්ෂිත භාවය තහවුරු කරගැනීමෙන් පසු නේවාසික රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය නැවත රෝහල් තුලට යොමු කර තිබෙනවා