2024 ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යහ්න 12න් අවසන් වනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හෙට උදෑසන 09 සිට උදෑසන 11 දක්වා කාලය තුළ සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.
ඊයේ දිනය වනවිට ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගණන 36 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය ඉකුත් 2019 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛාව ද ඉක්මවා යාමක්. 2019 වසරේ ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වුණා.