ප්රධාන ධාරාවේ අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති බැවින් දෙවන සහ තුන්වන මනාප සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතාබහක් මතුව තිබෙනවා.
එහෙත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් නැහැ.
ඒ, මීට පෙර මෙරට මැතිවරණ ඉතිහාසයේ මෙවන් අත්දැකීමක් මින් පෙර සිදු නොවීම හේතුවෙන්.
ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් එක් අපේක්ෂකයෙකු සියයට 50ත් තවත් එක් ඡන්දයක් ලබා ගත යුතුයි.
මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50ට වැඩි ඡන්ද ප්රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්රාහකයා තීරණය කරන්නේ කෙසේද?
මේ, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක.
දෙවන සහ තුන්වන මනාප ගණන් කිරීමේදී අවස්ථා දෙකකදී මනාප ගණන් කිරීම සිදු වනවාද?
දෙවන - තුන්වන මනාප ගණන් කිරීමෙන් පසුවද ප්රධාන අපේක්ෂකයින් දෙදෙනා සියයට 50ක ඡන්ද ප්රතිශතයක් ලබා ගෙන නොමැති නම් ජයග්රාහකයා තෝරන්නේ කෙසේද?
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මෙවැනි අත්දැකීමකට මෙරට ඡන්ද දායකයා මින් පෙර මුහුණදී නොමැති බවයි.
ඡන්ද පදනමක් සහිත අපේක්ෂකයන් කිහිප දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති බැවින් ඇතැම්විට දෙවන, තුන්වන මනාප ගණන් කිරීමට සිදුවීමේ අවස්ථාවක් නිර්මාණය විය හැකි බව ද ඔහු පැවසුවා.