මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී ඇති බවයි.
එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
ඔවුන් රෝහල්ගත කිරීමේදී මිය ගොස් සිටි බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙක්.