ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ අද පෙරවරුවේ නාම යෝජනාවලට අත්සන් තබා තිබෙනවා.
ඒ මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී.
නාම යෝජනාවලට අත්සන් තැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ පවසා සිටියේ මෙවැන්නක්.
" අපි ඉන්නෙ ඉතාමත් තීරනාම්ත්ම මොහොතක අපේ රට තියෙන්නෙ ගිනි කන්දක් වගේ තත්ත්වයක.
සැකයක් තිබුනා ජනතාවට මැතිවරණය තියනකම් නෑ කියලා
කල්ලි කන්ඩායමෙකතු වෙලා වසර 30 ක් 40 ක් මේ රට පාලනය කරපු අයම කියනවා මේ රට ගොඩ ගන්න පුලුවන් කියලා වසර 40 ක් කරා කෝ කරපු දෙයක් තියේද?
අද මේ රටේ දේශපාලන පක්ශ දියවෙලා ඉවරයි එක්සත් ජාතික පක්ශයට අපේක්ශකයෙක් දාගන්න බෑ නායකයට ඡන්දේ ඉල්ලන්න පක්ශයක් නෑ .
පොහොට්ටුවට අපේක්ශකයෙක් හොයා ගන්න කාලයක් ගියා.
අල්ලස් දීලා සල්ලි දීලා ඡන්දේ ලබා ගන්නෙ මේ රටේ අපේක්ශකයෙක් කොච්චර මුදල් ප්රමානයක් වියදම් කරාද ඡන්දයකට මැතිවරණ වියදම් නියාමන පනත සම්මත කරගන්න විපක්ශය විරුද්ධව ඡන්දය දුන්නා.
අද මම මැතිවරණ කොමිසමට ලිකිතව දන්වලා තියෙනව මේ නීතිය හරියටම ක්රියාත්මක කරන්න ඕනී
හෙට නාම යෝජනා බාර දුන්නම මැතිවරණ කොමිසම කියන්න ඕනී 20 වෙනිදට කලින් වියදම් කල යුතු මුදල සම්බන්ධව.
20 සීමාවේ තිබ්බොත් මිලියන 342 මුදලක් තමයි යන්නෙ.
බොරු දිවුරුම් ප්රකාශ දුන්නොත් මාස හයක් හිරේ දාන්න පුලුවන්.
අපි මේ පාර බලාපොරොත්තු වෙනවා මේ නීතිය අකුරටම කරන්න කියලා.
පතාලේ මුදල් කුඩු කාරයින්ගෙ මුදල් තමයි වියදම් කරේ උගත් බුද්දිමත් කෙනෙක් ගේන්න විදියක් ණෑ
රාජිත් හොයපු සල්ලි වලට තව මැතිවරණ කිහිපයක් කරන්න පුලුවන්
ශ්රි ලංකා නිදහස් ප්රශ්න නෑ කල්ලියක් සජිත්ට ගියා කල්ලියක් රනිල් ලගට ගියා අවංක සැබෑ අය මන් ලග.
රනිල්ගෙ ලක්ෂ 20 ඡන්දේ ලක්ෂයට බැස්සා පොහොට්ටුව නිසා.
මෛත්රීපාල සිරිසේන යනවා කියලා සජිත් ලගට .
එහෙම ආරංචියක් පමනයි .
එහෙම නෑ ඉන්නවනම් සතුටින් බාර ගන්නවා ගියත් කමක් නෑ."