මීට වසර දෙකකට පෙර රටේ තිබූ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ අරගලය හේතුවෙන් බංග්ලාදේශයේ ඇති වූ තත්ත්වය මෙතෙක් යථා තත්ත්වයට පත්ව නොමැති බවයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ උත්සවයකට එක් වෙමින්.
මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට එක් වෙමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජාත්‍යන්නර මූල්‍ය අරමුදල සමග යළි සාකච්ඡා කරන බවයි.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසුවේ නව තාක්ෂණයෙන් මෙරට ජනතාව සවිබල ගැන්වීමෙන් ලෝකය දිනාගත හැකි බවයි.