Monday, November 18, 2024

General line - 0115112241

පාඨලීගේ සහයත් සජිත්ට




එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වීමත් සමගයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධානය ද අද පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වුණා. එහි නායකත්වය හිමිව ඇත්තේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්ව පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වීම අද කොළඹදී සිදුවුණා.